Saturday, October 1, 2011

රස්ta ඇසින් ( ලිපි අංක 01 )

කාලයක පටන් ලීවීමට සිත සිටි ලිපි පෙළක් මෙතැන් පටන් ආරම්භ කරමි.මෙය තුල කාලීන සිදූවීම්,නොදන්නා දේවල්,තර්ක විතර්ක ඕනෑම දෙයක් තිබිය හැකිය.....





රස්තා ඇසින් කියා පටන් ගන්නා නිසා පළමුව රස්තා වචනයත් සමගම ලියන්න සිතුනි.රස්තාෆා
රියන් ඔබ බොහො විට අසා ඇති බවට කිසිඳු සැකයක් නැත වෙලාවකට මිනිසුන් රස්තියාදුකාරයා ...... රස්තා පීපල්ස් ආදි අමතන වචන මට අනන්තවත් කන වැකි ඇති වචන පෙලකි නමුත් මෙය තුල රස්තියාදුකාරයන් හෝ අප සිත සිටින වෙනත් බොහෝ දෙවල් මෙය තුල නොමැත. රස්තා , මෙය තුල ඉන් එහාට ගිය දෙයක් තිබෙන බව පැවසිය යුතුය එය සිතුවිලි හා අධ්‍යාත්මික ගුණය මත පදනම් වූ සමාජ රටාවක් කියා පැවසුවොත් මා නිවරදිය.ආරම්භය හා මෙම සමාජ රාටව පිලිබඳව සොයා යැමේදි ප්‍රධාන වශයෙන්ම ලොව තුල සිදුවු යම් යම් අසධාරණකම් හා අයුක්තිය ඇතිවූ මොහොතක මිනිසෙකු තුල ආගම දහම හා සම්බන්ධ වූ සමාජ රටාවක් බව පැහැදිලිවම පෙනි යයි.ඔබට කන වැකි ඇති පරිදි රැප් සංගීත රටාව මෙන් මෙයද කළු ජාතික වටා බිහිවු දෙයකි.මෙහිදි කළු සුදු ජාතිකයින් ලෙස මිනිසුන් වෙන්කර ලීවිමට අකමැති වුවත් එසේ ලීවීමත් මිනිසුන් වෙන්කීරිමත් සමග බිහිවූ රස්ටාෆාරියන් සමාජ රටාව පිලිබඳව කතා කිරිමෙදි කළු සුදු බේද ගැනද කතා කීරිමට සිදුවේ තවද රස්ටෆාරියන් සමග බැඳුනු අනුමතෘකා කිහිපයකි සංගීතය , වර්ණ , සිංහයන් , ඇළුණු කෙස් , කතෝලිකධර්මය ,ගංජා ආදි දෑ අතර තව ප්‍රබල මිනිසෙකුද වේ එනම් ජැමෙයිකානු ජාතික බොබ් මාර්ලේය.වරෙක මාධ්‍යවේදියෙකු පවසන පරිදි රස්තාෆාරියන් නොමැතිව බොබ් මාර්ලේ කෙනෙක් නැත බොබ් මාර්ලේ නොමැතිව රස්ටාෆාරියන් නැත එය ඔහුගේ මතයයි නමුත් මට හැඟෙන පරිදි නම් එය මෙසේ කිව හැක රස්ටාෆාරියන් සමග බොබ් මාර්ලේ පිබිදුනේ ය බොබ් මාර්ලේ සමග රස්ටාෆාරියන් පිබිදුනේය මන්ද බොබ් මාර්ලේගේ ගීත විප්ලවයක් බවටද රස්ටාෆාරියන් ලෝකය හමුවට යන්නේද මේ එකිනෙකාගේ බැඳීම තුලින්ය.මෙවන් දේවල් නොදන්නා කමින් අද අප තුල රස්තා පිලිබඳව වැරදි වැටහීම් රාශියක් පවතී.රස්තා හා රස්තියදුකාරය වෙන් වන්නේ කොතනින්ද කියා සෙවීමට කාලය අද පැමිණ ඇත.මේ පිළිබඳව කතා කිරීමට යැමේදිද දෙපැත්තම් ඇති බව පෙනේ මන්ද මෙවන් වැරදි වටහා ගැනීමක් ඉබේ සිදු නොවේ ඒ සඳහාද යම් කිසි හෙතු සාධක තිබේ. මේ දෙපැත්ත ගැනම සාධාරනව බැලීමට වැරදි ඇත්තේ කොතනද යන්න සෙවීමට තුන්වන පාර්ශවය ලෙස මෙම ලිපි පෙල කියවීමට ඔබට ආරධනා කරමි.කලක සිට ලියන්නට ආසවෙන් සිටි ලිපි පෙළක පලමු ලිපිය මෙසේ සතුටින් ඉදිරිපත් කරමු.මෙය හුදෙක් ආරම්භයක් පමණි.තුන්වන පාර්ශවයේ සිට ඇත්ත අසා එයින් යථාර්තය වෙන්කර ගැනීමට තවත් ලිපියකින් හමුවෙමු ....... !


U Rasta G
ලෙසින්
උචිත ගුණරුවන් බංඩාරගොඩ

මුහුණු පොත සමග කැමති අයෙකු වෙතොත් බෙදාහදා ගන්න ..... Click

No comments:

Post a Comment