රස්තා පිළිබඳව කත කරමින් සිටි ලිපි පෙළත් සමගින් වෙනස් මාතෘකාවකට හදිස්සියේ යොමුවීම පිළිබඳව සමාව අයදිමි.නමුත් මෙයද මේ දිනයත් සමගම කතා කීරිමට අවශ්‍ය දෙයකි.දින හා ළමා දින.පසුවූ ඔක්තොම්බර් 1දා එනම් ලෝක ළමාදිනය පසුවී අවසන්ය.දැන් සුපුරුදු පරිදි තවත් දිනයකි එය කාන්තා,මිහිකත,පොත් කියවීමේ ආදි නා නා ප්‍රකාර දිනයන්ගෙන් තවත් එකක් විය හැකිය.අවුරුද්දක් සඳහා දින 365කි මේ යන ආකාරයට තවත් කල් ගෙවීමෙන් අවුරුද්දේ දින සඳහා තවත් දිනයන් වෙන් වෙනු ඇත.දැනටද එය වී හමාරද යන්න සොයන්නට මම නොගියද මට හැඟෙන පරිදි එවිට ඉදිරිපත් කල හැකි සමීකරණයකි
අවුරුද්දේ දින ගණන < අවුරුද්දේ දිනයන් සඳහා වෙන් කෙරුනු මාතෘකා ගණන
මිනිසා දියුණු වීමත් සමග,( අප කියන පරිදි මෙය දියුණුවද පසුබෑමද යන්න තවත් ලිපියකින් කත බහ කරමු එතෙක් මෙය දියුණුව ලෙස සිතමු )මෙම දියුණුවත් කාර්යබහුල බවත් සමගම මිනිසාට කොතෙක් දෑ අමතක වී ඇද්ද යන්න සිතීමට හොඳම නිදසුන මේ දිනයක් ලෙස වෙන්කෙරුනු ළමා දින වැඩිහිටි දින තවත් දින නොවේද ? පොතක් කියවීමෙදි නැවතු තැන සිට නැවත කියවීමට පොත් ගොමුවක් භාවිතා කරමු ඒ ආකරයටම මෙම කාර්යබහුලත්වය තුල අමතකවූ ළමා කාලය වැඩිහිටි කාලය සිහිගන්වා ගැනීමට යොදා ගෙන ඇති මෙම දින තුලින් පෙනි යන්නේ අප අතීතයෙන් අනාගතයට ගමන් කරනවිට වර්ථමානය අමතකවූ පුද්ගලයින් කොටසක් බව නොවේද ?එය තව දුරටත් සිතීමට ඔබට ඉතිරි කරමි.
ඔක්:01; " අම්මේ අද ලෝක ළමා දිනය අද මට පන්ති යන්න බෑ.... අද අපේ දවස "
මෙවන් වාක්‍යයන් ඔබ මීට කලින් අසා නැද්ද නැතිනම් කලකට ඉහත ඔබම මෙම දෙබස් පවසා ඇද්ද.සොඳුරු ලොවක තනිවිය යුතු ළමා කාලය අද,දවසෙන් භාගයක් බස් රථයේද මහ මග හෝ ගෙවන නූතන ළමයා ඉතිරි කාලය පෞද්ගලික පන්තියක් තුල ගත කර විඩාව නිවාගැනීම සඳහා දෙමාපියන් සමග නැරම්බීමට සුදුසුද නැද්ද යන්න ප්‍රශ්ණ කීරීමට ලක් කළයුතු ටෙලි නාට්‍ය සමග සන්ද්‍යා කාලය ගත කරයි.මෙය අද ලෝකය පුන පුනා කිව යුතු නැත මන්ද එය මෙම ලිපිය කියවන මොහොතේ දීද ඔබේ ඇස් ඉදිරිපිට සිදුවන බැවිනි.දෙමව්පියන්ගේ රැකවරණය තුල වැඩීමට අවශ්‍යය ළමයා අද වැඩෙන්නේ ළමයාට අවශ්‍ය පරිදි ආච්චි හා සීයා සමගය.දෙමව්පියන් ජීවත් වීම සඳහා කරන අරගලයේ අතුරු ප්‍රතිඵලයක් ලෙස දෙමව්පියන් සමග මුහුවීමට, කාලය ගත කීරිමට නොමැති ළමයා හුදෙකලාව තමන්ගේම ලොවකට පිවිසෙයි.පෙරදින දෙමව්පියන්ගේ මග පෙන්වීම නැති ළමයෙකු පවා යහමග යාමට ඇඟිල්ලෙන් ඇන ඇන කිවයුතු නැත ස්වභාවධර්මය අමග ඔහුට ඇහට කනට පේන දෑ එනම් පංචේන්ද්‍රයන් තුලින දැනෙන දේත් සමග ඔහුට නිවරදි දේ අඳුනාගැනීම සඳහා එතරම් වෙහෙසක් ගත යුතුව තිබුනේ නැත.නමුත් වර්ථමානයේ දෙමවපියන් ආදරයෙන් රැකබලා ගන්න දරුවෙකු පවා වැරදි දේ කරා යොමුවීමට හේතුව ඔහුට දකින්නට ලැබෙන අසන්නට ලැබෙන දේ නොවේද ?අ අද අපට විඳින්නට ලැබෙන ස්වභාව සෞන්දර්යය කෘතිම මවාපෑමක් නොවේද ?සොබාදහමට එරෙහි වී බැට කමින් සිටින අපි ලෝකය තුල හුදෙකලා වී ඇති බව දැනගන්නා විට සිදුවීමට ඇති දෑ සිදු වී හමාරය.ආගම දහම තුලින් ලබගත යුතු යුතු අධ්‍යාත්මික දැනුම සඳහා ඉරිද දිනය වෙන් කලද ( තවත් දිනයක් ) එය සඳහාද සහභාගි විය හැක්කේ කීදෙනාටද 5 ශිෂ්‍යත්වය,සමාන්‍ය පෙළ,උසස් පෙළ.... මැරෙන තෙක් ඉගෙන ගතයුතුය නමුත් ඉගෙනීම කල යුත්තේ මෙසේද? ගුරුත්වාකර්ශණය සොයා ගත්තේ කාමරයක් තුල සිටද ? ඇපල් ගසක් යට සිටද ?පන්ති කාමරයද පොත පතද අවශ්‍යය එහෙත් එතනින් එහාට ගිය දෙයක් ඇති බව ළමයාට උගන්නන ඇත්තන් දැනගත යුතුය.අද ළමයින් හදාරන විද්‍යාව,සාහිත්‍යය,ගණිතය ආදි විශයන් ප්‍රගුණ කල විද්වතුන් තම කෘතීන් , පරිකල්පන ප්‍රමේයයන් නිර්මාණයන් බිහිකලේ නිදහස් මනසකින් යුතු ළමා අවදියක ඵලයක් ලෙසය.වර්ථමානයේ දැනුම ලබා දෙන්නේ බලෙන් කියා කිවහොත් නිවරදිය.
පරණ ප්‍රමේයයන් නියමයන් නිර්මාණ තුල සිරවී ඇති ළමයා ළමා මනසින් මුහුකුරා යන්නේ ජීවත් වීම සඳහා තරඟයක යෙදෙන වැඩිහිටියෙකු ලෙසය.ඔහු තුළ නොදැනුවත්වම ඇත්තේ වීඳවීමක් මිස ජීවිතය තුළ විඳීමක් නොවේ වර්ථමානයේ සාර්ථකයි කියා කියනා මිනිසුන්ගේ නිර්මාණ මොනවාද ? එය තුළ විඳීමට දෙයක් තිබේද ?අම්මා නව කතාව කියවමින් සිටින අපි අපේ දරුවන්ටද අම්ම කියවන්නට කියාවී එහෙත් අපේ දෙයක් කියවීමට ලබා දෙන්නේ කවදාද නූතනයේ රජ කරගෙන ඇති බොලඳ නව කතා ගැනද යමක් කිවයුතුමය මන්ද එය හොඳින් දැක ගැනීමට ලැබුනු අවස්ථාවක් ලෙස මෙවර කොළඹ පොත් ප්‍රදර්ශනය කිව හැකිය.මෙම නවකතා තුල ගැනීමට ඇත්තේ ආදරයද,වෛරයද,උපදේශද,උදාහරණද යන්න සෙවීමට අපහසුය.වෙලඳ භාන්ඩයක් ලෙස එලි දැක් වුණු හුදෙක් වචන සමුහයකි එය නම් නිශ්චිත වශයෙන්ම කිවහැකිය.මෙසේ බොළඳ නවකතා කුටි සිය දහස් ගණනක් ළමා මනස පසුකොට එන තරුණයා හෝ තරුණිය වැළඳගනී.අම්මා අප කියවාවී හෙටත් කියවයි නමුත් එවැනී නිර්මාණයක් 20වන සියවසෙන් බිහිවන්නේ කවදාද පළමුව මේ සඳහා අඩි තාලම දැමිය යුත්තේ ළමා මනසටය. නිදහස් නිර්මාණශීලි ළමා මනස පසු දිනෙක නව නිර්මාණ සමග එන්නේ යහපත් පුරවැසියෙකු ලෙස බව සක්සුදක් සේ විශ්වාසය.
වර්ථමානයේ අප ලබා ඇති අත්දැකිම් සමග අප දෙමාපියන්ගේ ළමා කාලය සැසඳුවිට වචන දෙකක් නැත අපට කීමට වන්නේ අපිට ලැජ්ජා බවය.ඔවුන් ළමා කාලය තුල කල කී දෑවලින් අංශු මාත්‍රයල් වත් අප කර නැත.සත්තකින්ම ළමා කාලය ඔවුන්ට සාපෙක්ෂව අප කාළකන්ණි ලෙස ගතකොට ඇත.ආඩම්බරයෙන් පවසන ළමා වීර ක්‍රියා සමහරක් මෝඩ වුනත් එයින් ඔවුන් ලබා ඇති සතුට එම කතා කියද්දි ඔවුන්ගේ මූහුනෙහි ඇතිවන හැඟිම් තුලින් කියවෙන්නෙ ඔවුන් කෙතරම් ජීවිතය රසවිඳ ඇති බව නොවේද?කණගාටුවට කාරණාව නම් අප්ගේ ළම්යින්ට අප ආඩම්බරයෙන් පවසන්නේ කුමක්ද ? කළබලකාරි අධ්‍යාපන රාටව පිළිබඳවද නැතහොත් නිවාඩු කාලය තුල රූපවාහිනිය ඉදිරිපිට හැරි පොටර් නැරඹු බවද ?පැහැදිලිවම ප්‍රශ්ණයකි.අද අපට එනම් මෙම ළිපියෙන්වත් තෙරුම් ගත හැකි අප ද පරක්කු වැඩිය.නමුත් මෙම ඉරණමම අපේ ළමයින්ටත් ලබා දෙමුද ?ලැජ්ජාවෙන් වුවත් අපේ දරුවන්ට කියන්න වෙන්නේ අපේ අම්මා තාත්තා ගේ කතාය අද ලෝකයද ඔවුන්ට විඳින්නට ඉඩ ලබ නොදුනහොත් වන්නේ ඔවුන්ගෙන් පසු පරම්පරාවද තරඟකාරි ලොවේ යාන්ත්‍රික මිනිස් මොළ පමනක් බවට පත්වනු නොවනුමානය.තවත් අම්ම නව කතා බිහිවන්නට න්ම් මඩොල් දූව වැනි දෑ බිහිවන්නට නම් බලෙන් ලබාදිය යුතු අධ්‍යාපණයට වඩා අවශ්‍ය වන්නේ ළමයින්ට ඇහුන්කම් දීම හා ඔවුන්ගේ නිදහසයි .හුදෙක් දිනයක් ලෙස වෙන්කර ළමයින් ගැන කතා නොකර අවශ්‍යදේ සිදු කීරීමට කාලය පැමිණ ඇත.නැතිනම් තවත් විශේෂ දින ගණනක් අප දින දර්ශනයට් එකතුවනවා බලා හිඳීම ඇරෙන්නට වෙන කරන්නට දෙයක් නැත......
තවත් ලිපියකින් හමුවෙමු ....... !
U Rasta G
ලෙසින්
උචිත ගුණරුවන් බංඩාරගොඩ
මුහුණු පොත සමග කැමති අයෙකු වෙතොත් බෙදාහදා ගන්න ..... Click